සබීතාගේ බිල්ඩිමට මහින්දට නෑ හිත : කෘෂිකර්ම අමාත්‍යාංශය පැරණි තැනටම.


දැනට පවතින කෘෂිකර්ම අමාත්‍යාංශය එය පැවැති පැරණි ගොඩනැගිල්ලට රැගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

අද (07දා) කොළඹදී පැවැති මධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ රජමල්වත්ත පිහිටි ගොඩනැගිල්ලට නැවතත් අමාත්‍යංශය ගෙන යන බවත් ඒ වෙනුවෙන් කතානායක කරු ජයසූරිය  මහතාට දැනුම් දුන් බවත්ය.

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පවතින පෞද්ගලික ගොඩනැගිල්ලක් වෙත ගෙන යෑම හේතුවෙන් මසකට විශාල මුදලක් කුලී ලෙස ගෙවන අතර ඒ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි විවේචනයක් එල්ල වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment