රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට.




රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව ය.

රාජ්‍ය දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පැදවීම, රිය අනතුරක් සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පෙරේදා අලුයම, යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් ආරච්චිකට්ටුව, කෝට්ටපිටිය මංසන්ධියේදි අනතුරට ලක්වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලැබිණි.

එහිදී කැබ් රථය තාප්පයකට හානි කරමින් නිවසක් වෙතට ධාවනය වී ඇති බව පොලීසිය පවසයි.

අනතුර සිදුවූ අවස්ථාවේ යශෝධ රංගේ බණ්ඩාර මහතා ගමන් කළ කැබ් රථයේ තිබී කඩුවක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment