මහනුවරට මහල් නවයක රථ ගාලක්.



මහනුවර නගරයේ වාහන තදබදයට විසඳුමක් ලෙස මහනුවර නගර සභාව මගින් කටුකැලේ ප්‍රදේශයේ මහල් නවයකින් යුත් රථගාල සහිත වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය හා සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 1000ක සහන ණය මුදලක් ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා, රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණී විජේවික්‍රම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07දා) පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

150,000 පමණ නාගරික ජනගහනයක් හා දිනකට ලක්ෂ 06ක් පමණ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා මහනුවර කටුකැලේ ප්‍රදේශයේ මෙම රථගාල සහිත වෙළෙඳ සංකීර්ණය ඉදි කෙරේ.

වසර 100ක් පැරණි මූල්‍ය ආයතනයක් වන දේශීය ණය හා සංවර්ධන අරමුදලින් ලබාදෙන විශාලතම ණය මුදල මෙය වන අතර, එය වසර 05ක සහන ණය වාරික මගින් ගෙවීමට නියමිතය. මෙම වෙළෙඳ සංකීර්ණයයේ වැඩකටයුතු වසර දෙකකින් නිම කිරීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment