ත්‍රිමාන කොන්ක්‍රීට් ප්‍රින්ටරයකින් හදන අඩුවියදම් නිවාස නෙදර්ලන්තයේ



ලෝකයේ පළමු වරට ත්‍රිමාන කොන්ක්‍රීට් ප්‍රින්ටරයක් යොදාගෙන නිවාස ඉදිකිරීමෙ වැඩ පිළිවෙළක් නෙදර්ලන්තයේ අරඹා තිබේ. නෙදර්ලන්තයේ Eindhoven නුවර මෙවැනි නිවාස සංකීර්ණයක් දැනටමත් ඉදිකර ඇති බව ද ගාඩියන් පුවත් වාර්තාවකින් ප්‍රසිද්ධ කර තිබේ.


නිදන කාමර දෙකකින් තට්ටු දෙකකින් මෙම ඒකකයක් සමන් විතය. Van Wijnen නමැති නෙදර්ලන්ත සමාගම මෙහි ඉදිකිරීමේ ව්‍යාපෘතිය සිදු කරනු ලබයි. ඔවුන් පවසන පරිදි මෙමගින් අවකාශය ඉතිරිකිරීම මෙන්ම ඉතා අවම මට්ටමින් කොන්ක්‍රීට් භාවිතයක් සිදුවන නිසා අඩුවියදම් නිවාස යෝජනා ක්‍රමයක් ලෙස ඉතා සාර්ථක වූ බවයි.
මෙහිදී ත්‍රිමාන කොන්ක්‍රීට් ප්‍රින්ටරයකට අදාළ සැලසුම පරිගණක ඔස්සේ කැවූ පසු රොබෝ යන්ත්‍රානුසාරයෙන් නිවාසයේ සියලු කොටස් කොන්ක්‍රීට් මගින් තනනු ලබන අතර මානව ශ්‍රම දායකත්වය අවමය.
ඔවුන් මේ ආකාරයේ නිවාස 20 ක් පමණ මේ වනවිට නිම කර ඇති අතර  ඒවාට අධික ඉල්ලුමක් පවතින බවත් ලබන වසරේ විකිණීම අරඹන බවත් දන්වා ඇත.

නිවාස ඒ ආකාරයෙන් හදන හැටි වීඩියෝව පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment