අසල්වාසීයකු ලිංගික අතවර කළැයි බොරු පැමිණීල්ලක් කළ කත හිරේ


අසල්වාසියකු විසින් බරපතල ලිංගික අතවරයක් සිදුකළ බව කියමින් විවාහක කාන්තාවක් විසින් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බව ඔප්පු වීමෙන් අනතුරුව අධිකරණය හමුවේ වරද පිළිගත්
කාන්තාවකට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා තරයේ අවවාද කරමින් සතියක සිර දඬුවමක් නියම කළේය.

බොරු පැමිණිලි ඉදිරිපත් කිරිමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගත් අනුරාධපුර පදිංචි 44 හැවිරිදි දෙදරු මවකට මෙසේ සිර දඬුවම් නියම කෙරුණි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ සැකකාරිය විසින් ළමා

හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති මෙනෙවියට ඉදිරිපත් කළ ලිංගික අතවර පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී එය බොරු පැමිණිල්ලක් බව අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි.

සැකකාරිය විසින් පොලිස් ස්ථානයට පැමිණ අසල්වාසියකු විසින් තමන්ගේ අතින් අල්ලා තුරුළු කරගත් බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලද චෝදනාවට ලක්වූ අසල්වාසී පුද්ගලයා  සිද්ධිය වූ දිනයේ නිවසේ සිට නොමැති බවත් ඔහු වාරියපොළ ප්‍රදේශයේ නිවසක රැකියාව සඳහා පැමිණ සිට ඇති බවත් අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය අධිකරණයට පැවැසුවේය. සැකකාරිය විසින් ඇගේ අනියම් සැමියාගේ කීම මත අසල්වැසියාට විරුද්ධව බොරු පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

තමා බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කර අසල්වැසියා අපහසුතාවට පත්කිරීමට උත්සාහ කළ බව අධිකරණය හමුවේ පිළිගත් අතර ඇයට තරයේ අවවාද කරමින් විනිසුරුවරයා සතියක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment