ගම් පෙරළිය අද 15 සිට


දිවයිනේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් දියත් කරනු ලබන ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ, නිකවැරටිය නගරයෙන් අද (15) දින ආරම්භ විය. ඒ යටතේ උත්සව කිහිපයක්ම පැවැත්විණි.

නිකවැරටිය කණුකැටිය මුඩත්තව වැව ප්‍රතිසංස්කරණය ඇරැඹිමත් ගම්පෙරළියට සමගාමීව යන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කිරීම සිදුවූ අතර අද 15 සවස දියුණුවේ රැළිය නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අගමැතිවරයා ප්‍රධානත්වයෙන් නිකවැරටිය නගරයේ පවත්වන්නට සූදානම් කර ඇත.


තවද නව ව්‍යවසායක ප්‍රජාවක් බල ගැන්වීම ඉලක්ක කොට රජය මෙවර අය-වැයෙන් හඳුන්වා දුන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන ක්‍රියාත්මක කරන බැංකුවල ඒ සඳහා විශේෂ ඒකක නිර්මාණය කිරීමට නියමිතව ඇති අතර  ඒ අනුව නිකවැරටිය ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ විශේෂ ඒකක අද (ජුලි 15) අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියන 200 බැගින් මහා භාණ්ඩාගාරය මුදල් වෙන්කර ඇති අතර මේසා විශාල මුදලක් රජය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ලබාදෙනුයේ මං මාවත්, ඇළ දොළ, වැව් අමුණු ඇතුළු අනිකුත් යටිතල පහසුකම් නංවාලීම සඳහායි.
එමෙන්ම 'ගම්පෙරළිය' සංවර්ධන සංග්‍රාමය හරහා වෙල්ලස්සට නව පණක් දීම සඳහා යෝජිත වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවයක්ද හෙට රන්ජිත් මද්දුම බණ්ඩාර හා විජිතමුණි සොයිසා යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment