2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට

රුසියාවේ මොස්කව් නුවරදී නිමාව දුටු ලෝක පාපන්දු ශූරතාවලියේ අවසන් මහ තරගයේදී ක්‍රොඒෂියාව පරදා ප්‍රංශය කිරුළ හිමි කරගත්තා.
අවසන් තරගයේදී ප්‍රංශයට ගෝල 4 ක් හා ක්‍රොඒෂියාවට 2 ක් හිමිව තිබුණා.
තරගයේ මුල සිටම ප්‍රංශය ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර පන්දුව නිතැතින්ම
තමා සතු කරගන්නට
ක්‍රොඒෂියාව සමත් වුවත් ගෝලය වෙත යොමු කිරීමට අවස්ථා විරල විය. නමුත් ප්‍රංශයේ ඉදිරි පෙළ තරගකරුවන් හැම විටම වේගයෙන් ක්‍රීඩා කරමින් පන්දුව ලද සැණින් ප්‍රහාර දියත් කර ගෝල ලබාගැනීමට සමතුන් විය. ගෝල ලබාගැනීමේ උත්සාහයන් සැලකීමේදී ප්‍රංශය මෙන් දෙගුණයක් පමණ අවස්ථා ක්‍රොඒෂියාව සතුවීම කැපී පෙනිණි. නමුත් සාර්ථකත්වය අවම විය.
පළමු අර්ධයේදී 2-1 ලෙස ප්‍රංශය ඉදිරියෙන් සිටි අතර දෙවන අර්ධයේදී එම ගෝල ප්‍රමාණය 4-2 ලෙස වර්ධනය කරගන්නා ලදි.
ජයග්‍රහණය සමග ප්‍රංශයේ ජනපති එමානුවෙල් මැක්‍රොන් ක්‍රොඒෂියාවේ ජනපතිනිය කොලින්ඩා ග්‍රැබර් සිප ගෙන සුබපැතුම් පිරිනැමුවේය.

ඒ අනුව 2018 ෆිෆා ලෝක කුසලානය ප්‍රංශයට හිමිවීමත් අනුශූරයින් ලෙස ක්‍රොඒෂියාවටත් හිමිවිය. පෙර පැවති තරගය අනුව තෙවැනි තැන හිමිවූයේ බෙල්ජියමටයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment