කොළඹට විදුලිය කැපීම අද නොවේ හෙට (28)


කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (27) දිනය තුළ පැය 06ක කාලයක් විදුලිය අත්හිටුවන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය මුලදී නිවේදනයක් නිකුත් කළද එය වෙනස් කර එම කප්පාදුව හෙට (28) ට මාරු කර තිබේ.
ඒ අනුව කොළඹ 03, 04, 05, 07 සහ 08 යන

ප්‍රදේශ සඳහා විදුලිය අත්හිටුවනු ඇති.

හෙට 28 සෙනසුරාදා පෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට විදුලිය අත්හිටුවන බව දන්වා ඇත.

කොළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් විදුලිය අත්හිටුවිම සිදු කරයි.

ලබන 31 වන දින දක්වා නඩත්තු කටයුතු සිදු කෙරෙන බැවින් වරින් වර අවට ප්‍රදේශවලට විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment