බිලියන 47ක වෙරළ උද්‍යානයකට කැබිනට් අනුමැතිය.



කොල්ලුපිටිය සිට දෙහිවල දක්වා මුහුදු තීරය ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් (රුපියල් බිලියන 47 ක්) ආයෝජනය කරමින් සංවර්ධනය කිරීමට සැලැසුම්කර තිබේ.

මෙම ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා කියා සිටී.

අදාළ ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර 85 ක වෙරළ තීරයක් ගොඩ කිරීමට නියමිතය.


රූපසිංහ මහතා පවසන පරිදි මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පෙර ශක්යතා වාර්තාව සකස් කිරීම සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (නාරා) මාස 6 ක් ලබා දී ඇත.

පරිසර බලපෑම් තක්සේරුව (EIA) අධ්‍යනය ද ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ ව්‍යාපෘතිය සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවද අනුමැතිය දී තිබේ.


මෙම වෙරළ තීරය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) ලෙස සංවර්ධනය කිරීමට ඇස්තමේන්තුගත ආයෝජනයක් සඳහා ඩොලර් මිලියන 300 කට අධික මුදලක් වැය වන බව පැවසේ.

ව්‍යාපෘති අධ්‍යක්ෂ රියර් අද්මිරාල් ඩී.ඊ.සී.ජයකෝඩි මහතා කියා සිටින්නේ මෙම කෘතිම වෙරළ වරාය නගර ව්‍යාපෘතියට එක්වන්නක් බවයි.

මෙය ලොව කීර්තිමත් විනෝදාස්වාද ක්‍රියාකාරකම්වලින් යුත් ලෝක වෙරළ තීරයක් නිර්මාණය කරනු ඇති බවත්, දහස් ගණන් නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.

රියර් අද්මිරාල් ජයකොඩි මහතා පවසන්නේ මෙම වෙරළ තීරය මුහුදු තීරයේ මීටර් 80 ක් පමණ දුරින් පිහිටි කොල්ලුපිටිය මුහුදු තීරයේදී ආරම්භ වන බවයි.

එහි දෙහිවල ප්‍රදේශයේ පළල මීටර් 200 ක් පමණ වනු ඇතැයි පැවසේ.


වසරක් පුරාම ජල මට්ටම පාලනය කළ හැකි අතර විශේෂයෙන් මුහුදු වෙරළ සඳහා මුහුදු වෙරළට පැමිණෙන අමුත්තන් සඳහා විශේෂ ආරක්ෂිත ජල පද්ධතියක් පවතින බව ඔහු පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment