ගෝඨා එනවට ප්‍රසිද්ධියේ විරුද්ධ වන වාසුදේව හා වෙල්ගම

දිරි ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වන බවට පැතිරෙන කථාබහත් සමග ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ඇතැම් පිරිස් දැන් පිල් බෙදීමට පටන්ගෙන තිබේ. මෙම ජනපතිවරණ අපේක්ෂකත්වය ගෝඨාට ලැබෙනවාට ඇතැමුන් විරුද්ධය.
ඒ බව ප්‍රසිද්ධියේ කියා සිටි දෙදෙනෙකු වන්නේ
කුමාර වෙල්ගම හා වාසුදේව නානායක්කාරයි.
ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් අමතමින් ඊයේ (14) වෙල්ගම මෙසේ පැවසිය.

 ''විජයකලා ගිහිල්ලා උතුරේ කියනවා අපිට ඕනේ ප්‍රභාකරන්, ප්‍රභාකරන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ද? ප්‍රභාකරන් කියන්නේ ඒකාධිපතියෙක්.

එතකොට සමහර දකුණෙ අය කියනවා, අපිට ඕනේ හිට්ලර් කෙනෙක් කියලා ..
එතකොට අරෙහෙන් ඒකාධිපති කෙනෙක් ඉල්ලනවා දකුණෙන් හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. එතකොට අපේ රටට යන කල දසාව මොකක්ද? එතකොට තමුන්නාන්සේලාට ජීවත් වෙන්න පුළුවන්ද? රෑට නිදාගන්න පුළුවන්ද?
එදා ඒ ආණ්ඩු දෙකම රජය විවේචනය කරොත් රෑට නිදාගැනීම බොරු, ගමේ පොලිසියවත් දන්නේ නැහැ මේ මිනිහට මොකද වුණේ කියලා. ඒ නිසා අපි ඒකාධිපති පාලනයකට කැමති නැහැ ''

මේ අතර ඊයේ 14 පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ කියා ඇත.

''ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දේශපාලනඥයෙකු නෙවෙයි. ඔහුට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයක් ඇත්තෙත් නැහැ. ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පසුපස්සෙ ඉන්න බලවේග ගත්තාම අතිශය භයානකයි.


ඒ කියන්නෙ හමුදා බලයක් ඇතිකිරීමේ අදහසින් තමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ඉස්සරහට දාලා තියෙන්නෙ. මිලිටරි බලයක් හදන්න. දැනටම හිටපු හමුදා නිලධාරී සරත් වීරසේකර කියලත් තියනවා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය තම දේශප්‍රේමී කණ්ඩායම බලයට ආපු දාක එල්ලුම් ගස් යවනව කියලා. එහෙම දෙයක් කියන්නෙ කොයි තරම් බලයක් හිතේ ඇතිවද.ඔවුන්ගේ ඇතුළත තිබෙන මිලිටරවාදී ගතිය. ඔවුන් සූදානම් වෙන්නේ. ඉතාම තද ජාතිකවාදී මිලිටරි වාදී ආණ්ඩුවක් හදාගන්නයි.

හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්, ඉහල මැද පංතියේ ඉංග්‍රීසි කතාකරන මහත්තුරු නෝනලා, වෘත්තීයවේදී කට්ටිය, කර්මාන්ත කරුවෝ, මහා ධනපතියොන්ට මේ රටේ උද්ඝෝෂණ තියෙන්න බැහැ. වැඩ වර්ජන තියෙන්න බැහැ. මේ රටේ අයිතිවාසිකම් ගැන කතා කරන්න බැහැ. ඒවා හරියට මර්දනය කරන්න පුළුවන් කෙනෙක් තමයි ඒගොල්ලෝ හොයන්නේ.

වියත් මගේ සම්පූර්ණ බලඇණිය තමයි ඔය කියන වෘත්තීයවේදීන්, දේශීය මහා ධනවතුන් හා මහා ව්‍යාපාරිකයින් තමයි ඒකේ ප්‍රධාන බලඇණිය. මහින්ද මහත්තයාගේ චරිතයේ ලක්ෂණ නෙවෙයිනෙ තියෙන්නේ. අපිට ඕනේ මහින්ද මහත්මයාගේ නායකත්වය. දැන් එතුමා දාන්න බැහැනෙ මේකට. ඒ නිසා එතුමාගේ නායකත්වයක් වැනි නායකත්වයක් අපිට උවමනායි.''
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment