ඇමරිකාව මහින්ද පෙරලන්න, ඩොලර් මිලියන 585ක් දුන්නද?



ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2016 මූල්‍ය වර්ෂය සදහා (2015 ඔක්තෝබර් 1 වනදි සිට 2016සැප්තැම්බර් 30 දක්වා) වූ මූල්‍ය වාර්තාව වන වූ  United States Department of State  Agency Financial  Report  සදහන් වන ආකාරයට Democracy, Human Rights and Governance සදහා ඩොලර් මිලියන 585ක් වියදම්කර ඇති බව දක්වයි (2016 මූල්‍ය වර්ෂය සදහා වූ  United States Department of State  Agency Financial  Report  හි පිටු අංක 74)

අදාළ වාර්තාව      https://www.state.gov/s/d/rm/rls/perfrpt/2016/index.htm

මෙම වාර්තාවේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් එෆ් කෙරීගේ පණිවිඩයේ We have supported important democratic gains in Sri Lanka, Nigeria, and Burma.  යැයි සදහන් වේ.

විදේශිය පලකිරීම්-

2016 නොවැම්බර් 18 වන දින US spent $585mn on ‘promoting democracy’ worldwide in past yearනැමති ශීර්ෂය යටතේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවේ සදහා ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් හා පාලනය ශීර්ෂය යටතේ ඩොලර් මිලියන 585ක් වියදම් කිරීම හා එම වාර්තාවේ පිටු අංක 3 හා 4 වගන්තිවල සදහන් රාජ්‍යලේකම් ජෝන් එෆ් කෙරී ගේ පණිවිඩයේ සදහන්  “we have supported important democratic gains in Sri Lanka, Nigeria, and Burma.”  iy “in an era of diffuse and networked power, we (the US) are focusing on strengthening partnerships with civil society, citizen movements, faith leaders, entrepreneurs, innovators, and others to promote democracy and good governance and address gender-based violence.”   යන ප්‍රකාශ දෙකද උපුටා දක්වා තිබිණි.

එකී ලිපියේ කිසිම තැනක අදාල ඩොලර් මිලියන 585 ක මුදල එම රටවල් තුන සදහා පමණක් වියදම් කල බව හෝ එකී මුදල් ආණ්ඩු මාරුකිරීම සදහා වියදම් කල බව හෝ සදහන් නොවේ

බලන්න-   https://www.rt.com/news/367436-us-promoting-democracy-kerry/

මෙම සිදුවීම පිළීබදව ශ්‍රී ලංකා මාධ්‍ය පලකිරීම්-

මෙම සිදුවීම පිලිබදව 'දිවයින' පුවත් පත හා 'දී අයිලන්ඩ්' පුවත්පත  පුවත්පත් වාර්තා කරන්නේ''ඇමරිකන් ඩොලර් 585 ක මුදල අදාල රටවල් තුන සදහා ලැබුනු බවත් එය 2015 ජනාධිපතිවරණයේදී දේශපාලන බලය මාරු කිරීම සදහා ශ්‍රි ලංකාව සදහා භාවිතා කල බවත්ය.

ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියද මේ පිලිබදව වාර්තා කරන්නේ රෙජීම් මාරු කිරීම සදහා ඩොලර් මිලියන 585ක් ඇමරිකාව වියදම් කර ඇති බවයි.

 නමුත් අදාල නිල වාර්තාවේ හෝ කෙරීගේ පණිවිඩයේ එවැනි සදහනක් නොමැත.

විපක්ෂය විසින් ඉදිරිපත් කරන චෝදනා

දිවයින පුවත්පත උපුටා දක්වමින් ඒකාබද්ධයේ රමේෂ් පතිරණ මන්ත්‍රි පවසන්නේ මෙම මුදල් ලබාදුන්නේ රජය පෙරලීමට බවයි.

පුවත් පත් හා වෙබ් අඩවිවලට අමතරව රූපවාහිනී නාලිකාවල දේශපාලන සංවාදවලදී ද,දේශපාලනඥයින් මාධ්‍යවලට ලබාදෙන ප්‍රකාශවලදී ද විපක්ෂය විසින් මතු කරන ලද චෝදනාවන් වන්නේ ,පාලනයන් වෙනස් කිරීම සදහා ඇමරිකාව ඩොලර් මිලියන 585ක් ලංකාව නයිජීරියාව හා බුරුමයට වියදම් කර ඇති අතර ඉන් 1/3 ක් ලංකාවට වියදම්කල රුපියල් ලක්ෂ 3000ක් වන බවත්,   මහින්ද රාජපක්ෂ මහතා පැරදවීම සදහා ඇමරිකාව ඩොලර් මිලියන 585ක් වියදම් කල බව ජෝන් කෙරී පවසන බැවින් ඒ පිළිබදව පරීක්ෂණයක් කල යුතු බවත් ය.

මෙම වියදම හා පැහැදිලි කිරීම අදාල වන්නේ 2016 වර්ෂය සදහාය. 2016 වර්ෂයේ දේශපාලන වෙනස්වීමක් සිදුවී නොමැත. රාජපක්ෂ රෙජීමය බලයෙන් පහකිරීම සදහා වියදම් කලා නම් එය 2016වර්ෂයේ වියදම් කරන්නේ කෙසේද? 2016 වන විට මහින්ද රාජපක්ෂ බලයේ නැත.

ජෝන් කෙරී පවසා ඇත්තේ අදාල රටවල මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සදහා මුදල් සැපයූ බව මිස දේශපාලන වෙනසක් කිරීම සදහා එම මුදල් වියදම් කල බව නොවේ.

එසේම ජෝන් කෙරී තවදුරටත් පවසන්නේ  සාමය ශක්තිමත් ලෙස ජාලගත වූ බවයි. එබැවින් මෙම මුදල් වැඩිමනක් වියදම් කර ඇත්තේ රාජ්‍ය අංශය හරහා නොවන බව පෙනී යයි.

[News Tube]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment