හාමුදුරුවෝ ඇප වී මවුලවි බේරාගෙන

කල්මුණේ සුභද්‍රරාම විහාරයේ විහාරාධිපති හිමියන් විසින් කාත්තන්කුඩි පොලිස්‌ ස්‌ථානයේදී ඉස්‌ලාම් මවුලවිවරයකු වෙනුවෙන් ඇපවී ඔහුට නිදහස ලබාදී ඇත.
මෙසේ මවුලවිවරයකුට ඇප වී තිබෙන්නේ කල්මුණේ සුභද්‍රාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති රන්මුතුගල සංඝරතන හිමිපාණෝය.කාන්තන්කුඩි පොලිස්‌ වසමට අයත් කර්බලා
නමැති ග්‍රාමයේ සිදුවූ ගැටුමක්‌ සම්බන්ධයෙන් ඒ. ඡේ. එම්. සහ්ලාන්

නමැති මවුලවිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිට ඇත.

මේ අවස්‌ථාවේදී වෙනත් කටයුත්තක්‌ සඳහා රන්මුතුගල සංඝරතන හිමියෝ පොලිස්‌ ස්‌ථානයට වැඩම කර ඇත.

අත්අඩංගුවේ සිටින මවුලවිතුමා පිළිබඳ තොරතුරු දැනගත් උන්වහන්සේ ඔහු ඇප මත මුදාහරින ලෙසට පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කර ඇත. පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම පිළිගෙන ඇති මුත් මවුලවිවරයා වෙනුවෙන් ඇප වීමට කිසිවකු සිට නැත. ඒ අවස්‌ථාවේදී විහාරාධිපති හිමියෝ මවුලවිවරයා වෙනුවෙන් ඇපයට අත්සන් කර ඇති අතර අදාළ නඩුව අධිකරණයට ඉදිරිපත් නොකර සමථ මණ්‌ඩලයට ඉදිරිපත් කරන ලෙසද ස්‌ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඒ අනුව නඩුව සමථ මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට ද පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා එකඟ වී ඇත.

ආගමික නායකයකු අගෞරවයට පත්වීම අනුමත කළ නොහැකි නිසා තමන් වහන්සේ ඇපවී මවුලවිතුමා නිදහස්‌ කළ බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment