බස් වෙන් කිරීමේ ගාස්තුව අඩු කරන්න: බස් මගීන් ඉල්ලයි.



ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව බස් පර්යන්තයෙන් ආරම්භවන දුරගමන් බස් රථවල ආසන වෙන්කර ගැනීම සඳහා ලබන 16 වැනිදා ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සිය සුබ පැතුම් එක් කර තිබෙන අතර ඒ වෙනුවෙන් පණිවිඩයක් කරමින් පවසන්නේ එම සේවාව ලබාදීම වෙනුවෙන් සාමාන්‍ය බස් ගාස්තුවට අමතරව අය කිරීමට නියමිත රුපියල් 80ක මුදල තවත් අඩු කිරීමට හැකි නම් යහපත් වන බවයි.

තවදුරටත් එම සංගමය පවසන්නේ ශ්‍රී ලංකාව කලාපය තුල ප්‍රමුඛතම මහජන කේන්ද්‍රීය ප්‍රවාහන පද්ධතිය සහිත රට බවට පත්කිරීමේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ දැක්ම වඩා ප්‍රායෝගික තලයක ගෙන ඒමට නම් නව තාක්ෂණික ක්‍රමවේදයන් වෙත ජනතාව නැඹුරු කිරීමට කටයුතු කල යුතුයි.

Touch Travel Card

එසේම මේ වන විට අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන Touch Travel Card ව්‍යාපෘතිය ජන ගත කිරීමට නම් එහි ආරම්භක ගාස්තුව වන රුපියල් 200ක මුදල සම්පූර්ණයෙන් ම අහෝසි කල යුතු බවට පවසන එම සංගමය එතුළින් මගී ජනතාව මෙම සේවාව වෙත වඩාත් ආකර්ෂණය කල හැකි බව ද පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment