අත්අඩංගුවට ගන්න හදද්දී ග්‍රාම නිලධාරිනිය පොලිස්‌ නෝනාගේ අත සපාකාලා


ග්‍රාම නිලධාරිවරියක විසින් රක්‌වාන පොලිස්‌ ස්‌ථානයේ සේවය නියුතු කාන්තා පොලිස්‌ කොස්‌තාපල්වරියකගේ අත සපා කෑම නිසා ඊයේ (08දා) කොස්‌තාපල්වරිය රක්‌වාන රෝහලට ඇතුළත් කළ බව රක්‌වාන පොලිසිය කියයි.

 මෙලෙස තුවාල ලබා

රෝහල් ගතකර ඇත්තේ රක්‌වාන පොලිසියේ සේවයේ නියුතු (ඩබ්.පී.සී) පෙරේරා නමැති කාන්තා පොලිස්‌ කොස්‌තාපල්වරියකි.

 මීට පෙර අවස්‌ථාවකදී පොලිස්‌ නිලධාරියකුට බැණ වැදී තර්ජනය කිරීමේ චෝදනාවකට ලක්‌ව ඇති වත්තෙකන්ද ප්‍රදේශයේ පදිංචි මෙම ග්‍රාම නිලධාරිනිය අධිකරණ නියෝගයක්‌ මත පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිට ඇත. ඊයේ (08) කිසියම් අවශ්‍යතාවයකට මෙම නිලධාරිනිය රක්‌වාන පොලිසියට පැමිණ ඇත. එම අවස්‌ථාවේදී මෙම නිලධාරිනිය ඇය අත්අඩංගුවට ගැනීමට යාමේදී අත සපා කා ඇත.

 අත සපා කෑමට ලක්‌වූ කොස්‌තාපල්වරිය ප්‍රතිකාර සඳහා රක්‌වාන රෝහලට ඇතුළත් කළ බවත් ග්‍රාම නිලධාරිවරිය අත්අඩංගුවට ගත් බවත් අද (09දා) පැල්මඩුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවැසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment