කළහකාරීව හැසිරුණු කුඩු කත වැසිකිලි යන මුවාවෙන් අළුයම හිරෙන් පැනලා

හෙරොයින් මත්කුඩු, ගංජා හා මත්පෙති සමඟ කඳාන ශාන්ත සෙබස්‌තියන් මාවතෙන් (05 දා) අත්අඩංගුවට ගත් කාන්තාවක්‌ කඳාන පොලිස්‌ අත්අඩංගුවෙන් මිදී පලාගොස්‌ ඇතැයි කඳාන පොලිසිය කියයි.

 මීට පෙරද අවස්‌ථා ගණනාවකදී මත්ද්‍රව්‍ය සමඟ ඇය කඳාන පොලිසියෙන්

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර වැරදිකාරියක වී දඩ හා සිරදඬුවම් ලබා ඇත.

(6 දා) අලුයම ශාරීරික අවශ්‍යතාවකට එළියට යැමට අවශ්‍ය බව පවසා ඇය කඳාන පොලිස්‌ අත්අඩංගුවෙන් මිදී පලාගොස්‌ තිබුණි.

 කඳාන පොලිස්‌ ස්‌ථානයෙන් තොරතුරු විමසීමේදී අනාවරණය වූයේ පොලිස්‌ අත්අඩංගුවෙන් මිදී පලාගිය කාන්තාවගේ ස්‌වාමිපුරුෂයාට කඳාන ප්‍රදේශයේ තවත් මත්ද්‍රව්‍ය වෙළෙන්දන් පහරදී තුවාල සිදුකර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර කඳාන පොලිසිය මෙම කාන්තාව මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබූ බවයි. පලාගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ මේවන විට ආරම්භ කර ඇත.

 (5දා) රාත්‍රී පොලිස්‌ අත්අඩංගුවේදී මෙම කාන්තාව කළහකාරී ලෙස හැසිරී ඇති බවද දැනගන්නට ලැබී ඇති අතර (07දා) ඇගේ නිවසේ බඩු භාණ්‌ඩද රැගෙන ප්‍රදේශයෙන් ඇය පලාගොස්‌ ඇති බවද වාර්තා වෙයි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment