පිහිනුම් තටාකයේදී වැළදුණු හෘදයාබාධයකින් පසු සිළුමිණ - රැස ප්‍රධාන කර්තෘ චාමර සමුගනී

සිළුමිණ පුවත්පතේ සහ රැස පුවත් පතේ කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්තවූයේය.
පසුගිය පොසොන් පොහොයට ලේක්හවුස් ආයතනය මෙහෙයවනු ලැබූ මිහින්තලය ආලෝක පූජාව සඳහා සහභාගී වීමට සිය පවුල සමග ගොස් සිටිය දී
නවාතැන්ගෙන සිටි හෝටලයේ පිහිනුම් තටාකය තුළදී

චාමර ලක්ෂාන් මහතාට හදිසි හෘදයාබාධයක් ඇතිව තිබුණ අතර අවට සිටියවුන් ඔහුගේ තත්වය වටහාගෙන ඇත්තේ තරමක් පමාවීමෙනි.

පසුව ඔහු අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුළත් කරන ලදුව වැඩිදුර ප්‍රතිකාර සදහා ගුවන් මගින් කොළඹටද ගෙන්වා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දින 4 කට පමණ පසු ඊයේ රාත්‍රියේ ඔහු මියගියේය.

දේශපාලන විචාරකයෙකු සහ මාධ්‍යවේදියෙකු ලෙස පාඨකයන් හඳුනාගත් ඔහු මියයනවිට 39 හැවිරිදි ළාබාල වියේ පසුවූවෙකි. මීට මාස එකහමාරකට පමණ පෙර සිළුමිණ පුවත්පතේ කර්තෘ ධූරයට පත් ඔහු එය හෙබවූ ළාබාලම පුද්ගලයා විය.

මතුගම සීඩබ්ඩබ් කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකුවූ චාමර කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා උපාධිධාරියෙකි. ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වල ද කලක් සේවය කරන ලද මාධ්‍යවේදියෙකි.ඔහුගේ දේශපාලන විග්‍රහයන් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කලක් තිස්සේ පළව තිබුණි.
චාමර එක්දරු පියෙකු විය. අහම්බෙන් පිහිනුම් තටාකයේදී හෘදයාබාධය වැළඳී සමුගත් චාමර පිහිනුම් ක්‍රීඩාව අතිශය ප්‍රිය කළ අයෙකුද විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment