චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා සමුගනී

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ රෝයි‍ ද සිල්වා මහතා ඊයේ (30) රාත්‍රී අභාවප්‍රාප්ත වූයේය. රෝගාතුරවීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටියදී අභාවප්‍රාප්ත වූ ඔහු මියයනවිට 80 හැවිරිදි වියේ පසු විය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන්
සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති ඔහු වේදිකා නාට්‍ය රංගනයෙන් සිය කලාදිවිය ආරම්භ කළ අයෙකි.

රෝයි ද සිල්වා සිනමාවට අවතීර්ණ වූයේ,

අතිශය ජනප්‍රියත්වයට පත්වූ දකුණු ඉන්දීය නළු එම්.ජී.ආර්. රඟපෑ චිත්‍රපට 17ක් අධ්‍යක්ෂණය කළ පී. නීලකන්ටන් (පලනියාන්දි නීලකන්ටන්) නම් දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ "ජබීර්.ඒ. කාදර්" නිෂ්පාදනය කළ "සුජාගේ රහස" චිත්‍රපටය 1964 දෙසැම්බර් 24 දා තිරයට වැඩීමත් සමඟය. රෝයි 1970 දී චිත්‍රපට නිළි සුමනා අමරසිංහ සමඟ විවාහ විය. ඔවුන් හට දරුවන් දෙදෙනෙකි.
 1977 වසරේදී හාස්‍ය උත්පාදක චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කර තිබිණි.

මේ දෑස කුමටද, සුනේත්‍රා, මිනිසුන් අතර මිනිසෙක් ,ඔබට දිවුරා කියන්නම්, මුවන්පැලැස්සෙ (කදිරා ලෙස) ඇතුළු චිත්‍රපට 65 ක පමණ ඔහු රගපා තිබේ.
ඔහු රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වුයේ 2015 වසරේ දී තිරගත වූ “මයි නේමිස් බන්දු” චිත්‍රපටයයි.
ටොම් පචයා, තණ ගිරවි, ගෙදර බුදුන් අම්මා, ඉට්ස් ද මැටර් ඔෆ් ටයිම් රෑ දනියෙල් දවල් මිගෙල්, සර් ලාස්ට් චාන්ස් ඇතුළු චිත්‍රපට 32 ක් පමණ ඔහු අධ්‍යක්ෂණය කළේය. 2009 දී “ඉට්ස් මැටර් ඔෆ් ලව්” චිත්‍රටය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටය යි.
අවස්ථා කිහිපයකදී ඔහු ගායකයෙකු ලෙස ද කටයුතු කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment