ජනපති සමග සාකච්ඡාවෙන් පසු ගුරු වර්ජනය නවතී.



ගුරු විදුහල්පති ඇතුලූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති හෙට (26) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවා ඇත. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවය.

දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පිරිසකට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් සහ උසස්වීම් 1014 ක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණයට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති තීරණය කර තිබිණ.

කෙසේවෙතත් අදාළ පත්වීම් ලබා දීම අත්හිටුවීමට ජනාධිපතිවරයා අද පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇත.

ඒ, අනුව හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමයේ උප සභාපති නීල් අතුකෝරළ මහතා කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment