සංචාරක සංවර්ධන අධිකාරිය : මාධ්‍යවේදීයෙක් හා අර්බුධයක.




ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු කරනු ලබන සංචාරකයන්ට හිතකාමි ත්‍රිරෝද රථ සේවාවක් හඳුන්වා දීමේ උත්සවය නිවේදන කටයුතු කිරිමට වෙන්කර තිබූ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතාව අපහසුතාවයකට පත්කර ඉන් ඉවත් කිරීමේ පුවතක් Info Sri Lanka News වෙත වාර්තා වේ.

එම උත්සවය සංවිධානය කරන සැලසිනේ ආයතනය විසින් අදාල නිවේදන කටයුත්ත සඳහා මහේෂ් සේනානායක මහතාගේ නම යෝජනා කර ඇති අතර, එය සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා අනුමත කර තිබේ.


මේ අතර උපාලි රත්නායක මහතා විසින් අද උදෑසන මහේෂ් සේනානායක මහතා එම අධිකාරිය වෙත කැඳවා ඇති අතර ඉන් අනතුරුව සැලසිනේ ආයතනය විසින් දුරකථන ඇමතුමක් මාර්ගයෙන් අදාල උත්සවයේ නිවේදන කටයුතු වලින් ඉවත් කර ඇත.

කෙසේ නමුත් මේ සම්බන්දයෙන් අප  මහේෂ් සේනානායක මහතාගෙන් කල විමසිමක දී ඒ මහතා ප්‍රකාශ කලේ, තමන් මේ සිද්ධිය සම්බන්දයෙන් දැඩි විමතියටත් කලකිරීමකටත් ලක්ව සිටින බවයි. 

උපදෙස් උපාලි රත්නායකගෙන්


එසේම සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා සැලසිනේ ආයතනයට පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ මුදල් ආමාත්‍යවරයාගේ උපදෙස් මහතා තමන් එම උත්සවයෙන් ඉවත්කර ඇති බවයි.

නමුත්, තමන් අග්‍රාමාත්‍යවරායගේ සහ අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් මේ සම්බන්දයෙන් විමසූ බවත් ඔවුන් එම චෝදනාව ප්‍රතික්ශේප කල බවත් මහේෂ් මහතා වැඩිදුරටත් පැවසීය.

තමන් වත්මන් රජය ගෙන ඒමට අතිශය කැපවූ පුද්ගලයෙක් බවත් තමන්ට සලකන්නේ මෙසේ නම් අනිත් මාධ්‍යවේදීන්ට 'අබ සරනයි' බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රතිචාරය

මේ සම්බන්දයෙන් Info Sri Lanka News කළ විමසීමක දී සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසුවේ අදාල මාධ්‍යවේදියා බැඳුම්කර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පෙලේ අයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙක් ලෙස කටයුතු කිරිම සළකා අදාල උත්සවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි. 

එසේම අදාළ  මාධ්‍යවේදියාට චෙක්පත් ගණුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් ද චෝදනා ඇති බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment