ගූගල් මැප් එකට ප්‍රවාහන අමාත්‍යංශයෙන් දත්ත කවා පාරවල් පෙන්නන්න යයි


පොදු ප්‍රවාහන සේවාව යොදා ගනිමින් ගමන් බිමන් යාමේදී ජනතාවට මතුවන ගැටලු අවම කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කරමින් අන්තර්ජාලය හරහා ප්‍රවාහන දත්ත සේවාවක් සකස් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගනී.

 තමන්ට

යෑමට අවශ්‍ය කරන ගමනට ගතවන කාලය, කෙටිම මාර්ගය, පහසුම ප්‍රවාහන සේවය ඇතුළු සියලු විස්තර මේ අනුව ස්මාර්ට් ජංගම දුරකතනයෙන් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙන අතර මේ වැඩපිළිවෙළ පළමුව අත්තර් පළාත් මාර්ගයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මාර්ග, බස්නාහිර පළාත් මාර්ග සහ දකුණු පළාත් ප්‍රවාහන අධිකාරියේ මාර්ග සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ ව්‍යාපෘතිය ඉදිරි මාස 6 ඇතුළත නිම කිරීමට නියමිත අතර මොරටුව විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව මෙය ක්‍රියාවට නැංවේ. දැනට භාවිත කරන ගුගල් සිතියම තුළ මේ පහසුකම් සලසා ඇත්තේ පෞද්ගලික වාහන සඳහා පමණක් වන අතර ඉදිරි මාස 6 න් පසු එය පොදු ප්‍රවාහන සේවය තුළ ද මේ අනුව ක්‍රියාත්මක වේ. මෙහිදී මගින්ට තමන්ගේ ගමන පහසු කර ගැනීමට අවශ්‍ය කරන මාර්ග දත්ත ලබා දීම සිදු කෙරෙන අතර පොදු ප්‍රවාහන සේවය භාවිතය වැඩි කිරීම ද මේ ව්‍යාපෘතියේ අරමුණ වේ.

ගුගල් සිතියම ඇප්ලිකේෂන් (google map app) බාගත කර ගැනීමෙන් මේ ඕනෑම අයෙකුට මෙම තොරතුරු ලබා ගැනීමට හැකියාව මේ අනුව ඉදිරියේදී ලැබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු එම්.ඒපී.හේත්මචන්ද්‍ර මහතා කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (04) පැවසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment