සංහිඳියාවට බාධා කරන්නන්ට හමුදා කඳවුරු තහනම්.
උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුද්ධ හමුදාව පිළිබඳ ඇති විශ්වාසය පළුදු වන අයුරින් දේශන පවත්වන හා සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන ලෙස යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුදා අංශවලට උපදෙස් ලබා දී ඇත.
නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන යුද හමුදාපතිවරයා සංහිඳියාවට බාධා කරන්නන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී වීමට හෝ කිසිදු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දැක්වීමක්ද සිදු නොකරන ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත.
සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මුළුමනින්ම හෙළා දැකිය යුතු බව ද එම උපදෙස්වල සඳහන් වන අතර ඇතැම් අවස්ථාවාදී දේශපාලනඥයන් විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරින් මෙන්ම ඇතැම් සිවිල් ක්‍රියාකාරින් රජය හා යුද්ධ හමුදාව ගෙන යන මේ සංහිදියා වැඩපිළිවෙළ විවේචනය කරමින් ත්රස්තවාදීන්ගේ ක්‍රියාදාමයන් අගය කරමින් සාමයට ලැදි උතුරු නැගෙනෙහිර ජනතාව තුළ යුද්ධ හමුදාව පිළිබඳව ඇති විශ්වාසය පුළුදු වන අයුරින් දේශන පවත්වන බවත් එමගින් ඔවුන්ගේ සිත්සතන් තුළ විෂබීජ පතුරුවන බවට කටයුතු නිරීක්ෂණය වී ඇති බවත් මේ වන විට ඔුවන් කවුරුන්ද යන්න ජනමාධ්‍ය මඟින් තහවුරු කර ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.
වසර තිහකට ආසන්න කාලයක් තුළ පැවැති යුද්ධය නිම කරමින් ශ්‍රී ලංකාවට සම්පුර්ණ නිදහස උදාකරදීමට යුද්ධ හමුදාව මහත් පරිශ්‍රමයක් දැරු බවත් එහිදී අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් යුද්ධ හමුදාවට අහිමි වි තවත් විශාල ප්‍රමාණයක් යුද්ධ භූමියේදී තුවාල ලබා පූර්ණ කාලින අබාධිත තත්ත්තවයට පත්ව ඇති බවද යුද හමුදාපතිවරයා නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර සිටී.
0 comments :
Post a Comment