කුඹුරු ලක්ෂ පහක් වගාවේ.



අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වර්ෂාව හරියාකාරව නොලැබීම නිසා පසුගිය වසර දෙක තුළ මෙරට වී අස්වැන්න කන්න පහක් පාඩු සිදු වූ බැවින් මේ වසරේ සමහර දිස්ත්‍රික්කවලට අද හැළුණු වර්ෂාව හේතුවෙන් දැනට අක්කර ලක්ෂ පහක පමණ කුඹුරු වගා කර ඇති බැවින් මෙවර යල කන්නයේ අති විශාල වී අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ වන විට වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකසා ඇති බව මණ්ඩලය පැවසීය. ඒ අනුව වී අලෙවි මණ්ඩලය වී ඇසිරීම සඳහා අවශ්‍ය වී මළු පොලිසැක් කවර ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ඇණවුම් කර තිබේ. වී අලෙවි මණ්ඩලයට ඕනෑ තරම් වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පෙරේදා (06) කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

මේ වනවිට ගොවීන් ගෙන් වී මිල දී ගැනීම සඳහා රජය විසින් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා පසුගිය කාලයේ වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී මිල දී ගැනීමේ දී සිදු වූ අක්‍රමිකතා සිදු නොකොට වී අලෙවි මණ්ඩලයට ගොවීන් විසින් රැගෙන එන වී ආපසු හරවා නොයවා ඔවුන් ආරක්ෂා වන පරිදි වී මිලදී ගන්නා ලෙසත් කාෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත. පාරිභෝගිකයාට සාධාරණ මිලක් යටතේ සහල් ලබා දීමට මේ ක්‍රියාමාර්ග යටතේ හැකි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment