පාසල් සිසුවියන්ගේ තැලිසීමියා පරීක්ෂාව අතරේ එක් දැරියක ගැබිණියක බව හසුවෙලා

ගම්පොළ පාසල් ළමයින්ගේ තැලසීමියා රෝගය පරීක්ෂා කිරීමේදී සිවු මසක ගැබිනි පාසල් ශිෂ්‍යාවක්ද හමු වී ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.  රජය මඟින් ක්‍රියාත්මක පාසල් ළමයින්ගේ තැලසීමියා රෝග පරීක්ෂාව සඳහා ගම්පොළ පාසලක ළමයින් ගම්පොළ ශික්ෂණ රෝහල වෙත යොමු කොට තිබී ඇති අතර එහිදී ළමයින්
පරික්ෂා කිරීමේදී

අසාමාන්‍ය ඇඟ පත වැඩී තිබූ 15 හැවිරිදි මෙම ශිෂ්‍යයාව හමු වී තිබේ.  ඒ අනුව වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී ඇය සිවු මසක ගැබිනියක් බව අනාවරණය වීමෙන් පසු ගම්පොළ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ අරඹා තිබිණි.

   10 වැනි වසර ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාව එම පාසලේම සිසුවකු සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන තිබී ඇත. වසර 04ක් තිබූ මෙම ප්‍රේම සබඳතාවයෙන් පසු මෙම සිසුවා පාසල හැරගොස් පෞද්ගලික ආයතනයක රැකියාවක් කළද මෙම ප්‍රේම සබඳතාව පවත්වා ඇති බවත් ඔහු අතින් ඇය දූෂණයට ලක්ව ඇති බව පරික්ෂණවලින් අනාවරණය වී තිබේ. ගම්පොළ ප්‍රදේශයේම පදිංචි මෙම පෙම්වතාද පොලිස් අත්අඩංගුවට ගෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

   ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විකුම් ගිනිගේ, සහකාර පොලිස් අධිකාරී යූ.බී. පලිහවඩන, ගම්පොළ මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ආර්. ජයන්ත යන නිලධාරින්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. කපිල බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් හා ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරී මේ පිළිබඳව පරීක්ෂණ කරති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment