පොරොන්දම් බලන්න දෙමාපියන් පිටත් කර පෙම්වතියව දුෂණය කරලා


විවාහය සඳහා යෝජනා කරන ලද දෙදෙනෙකුට දෙපසින්ම මව්පිය ආශිර්වාදය ලැබුණ පසු පොරොන්දම් බැලීමට කටයුතු යෙදී තිබේ. මොනරාගල නගරයට දෙපාර්ශ්වයේ පිරිස පොරොන්දම් බැලීමට ගොස් තිබියදී

පෙම්වතිය නිවෙසට ඇරලවීමට යන බව

පවසා ඇති පෙම්වතා ඇය මහකළුගොල්ල ප්‍රදේශයෙ නිවෙසක් තුළ රඳවාගෙන තිබෙන අතර දින 2 ක් තිස්සේ ඇය දූෂණය කළ පෙම්වතා පසුව ඇය ඇරලවා තිබේ.
මොහුව ඉකුත් 04දා අත්අඩංගුවට ගත් බව මහකළුගොල්ල පොලිසිය පවසයි.  තරුණියගේ මවුපියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙහිදී වින්දිත තරුණිය පොලිසියට පවසා ඇත්තේ දින දෙකක් පුරා තමන්ට මවුපියන්ටත් කතා කරන්න ඉඩ නොදී තම පෙම්වතා බලහත්කාරයෙන් තමන්ව ඔහුගේ නිවසක රඳවාගෙන දූෂණය කළ බවයි.
තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති අතර සැකකාර තරුණයා පසුගියදා (05දා) මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිත තිබිණි. මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් හා නියෝග මත මහකළුගොල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්. එස්. කුලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කෙරේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment