නීරෝගා : දියවැඩියාව නසන වී ප්‍රබේදයක්.



දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන වී ප්‍රභේදයක් හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් පියවර ගෙන තිබේ.

“නීරෝගා” නමින් හැඳින්වෙන මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල අඩංගුවන අවම කාබෝහයිඩ්රේට් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කර ගැනීමට හැකි වේ.

අම්බලන්තොට වී පර්යේෂණායතනයේ නිලධාරින් පැවසුයේ අපේ රටේ ජනතාව වැඩිපුර බත් ආහාරය වශයෙන් ගැනීම සිරුරේ සීනි ප්‍රතිශතය ඉහළයාමට හේතුවන බවයි. එමනිසා ඊට ප්‍රතිකර්මයක් වශයෙන් නව වී ප්‍රභේදයක් හඳුන්වාදීම සඳහා කළ පර්යේෂණ මේ වනවිට ඉතාමත් සාර්ථක ව ඇති අතර දියවැඩියාව වළක්වන මෙම වී ප්‍රභේදය “නීරෝගා” නමින් හඳුන්වයි.

දියවැඩියා රෝගය මේ වනවිට සමස්ත ලෝකයටම බරපතල තර්ජනයක් එල්ල කර ඇති අතර දියවැඩියා රෝගය සැළකෙන්නේ සියලු රෝගවල මව ලෙසයි.

අපේ රටේ මේ වනවිට සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙති. එම නිසා මෙම වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගා කර එම සහල් විදේශ රටවලට පවා අපනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මේ ආකාරයේ මානව සෞඛ්‍යයට ඉතාමත් හිතකර භෝග වර්ග රැසක් ඉදිරි කාලය තුළ කෘෂි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් පර්යේෂණ රැසක් සිදු කරමින් සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment