වික්ටර් බිරියගේ නඩුව දෙසැම්බර් මාසෙ ඉවර කරන්නලු

රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිය වන හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියට විරුද්ධව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ ඉදිරි
කටයුතු දෙසැම්බර් 14 දින දක්වා

කල් තැබීමට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ටිලන්ත පලස්ත වරුසවිතාන මහතා නියෝග කළේය. 2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ල නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටියදී  එම බැකුවට උකස් කර තිබු රුපියල් 1,280,000ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන්වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව මූලස්ථාන පොලිසිය මඟින් නඩු පවරා ඇත.

අදාළ රාජ්‍ය බැංකුවට සිදුවී ඇතැයි කියන මූල්‍යමය අලාභය විත්තිකාර පාර්ශ්වය විසින් ගෙවා අවසන් කර ඇති නිසා නඩු කටයුතු අවසන් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන්ත සදබරණ මහතා නඩුව කැඳවූ අවස්ථාවේදී ඉල්ලා ඇත. මෙම රන් භාණ්ඩ වංචාව රාජ්‍ය දේපළක් සම්බන්ධයෙන් සිදුවී ඇති නිසා ඒ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය යැයි පැමිණිලිකාර පාර්ශ්වයෙන් ඉල්ලා ඇති අතර මේ හේතුවෙන් ඉදිරී නඩු කටයුතු දෙසැම්බර් 14 දින දක්වා කල්තබා ඇත. විත්තිය වෙනුවෙන් නීතිඥ නිශාන්ත සදබරණ මහතා පෙනී සිටියේය.

-සහම්පති මානගේ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment