හෝමාගම උසස් පෙළ සිසුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට


හෝමාගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරන සිසුවෙකු හෙරොයින් මිලිග්‍රෑම්  1730ක් සමග හෝමාගම, හබරකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය  පවසයි.

පොලිසියට

ලද තොරතුරක් මත පොලීසිය උපාය දූතයන් යොදවා සැකකරු සමග සිදුකළ දුරකථන සංවාදයකින් පසුව ඔහු පිළිබද තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසුව අතුරුගිරිය පොලීසියේ දූෂණ මර්දන අංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සන්තකයේ තිබී පැකට් කර
අලවි කිරීම සදහා සුදානම් කර තිබූ මත්කුඩු ග්‍රෑම් 1යි මිලීග්‍රෑම් 730ක් පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරු මෙම ජාවාරම  කාලයක සිට රහසිගතව  පවත්වාගෙන ගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.මෙම සිසුවාට මෙම මත්ද්‍රව්‍ය ලබාදෙන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පක්ෂණ ආරම්භ කර ඇති අතර දෙමවුපියන්, දරුවන් පිළිබදව අවධානයෙන් සිටින ලෙස ලෙස පොලීසිය දෙමවුපියන් ඉල්ලා සිටියි.  සිද්ධිය සමිබන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment