අට හැවිරිදි ශිෂ්‍යයාගේ පපුව ඉදිමෙන්න ගැසූ ගුරුවරිය


  ජා-ඇල තුඩැල්ල ප්‍රදේශයේ රජයේ කනිටු විදුහලක තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අට හැවිරිදි සිසුවකුට පපුව තැලෙන අයුරින් අතින් පහර දෙන ලදැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ජාඇල පොලිසිය මගින් අධිකරණය හමුවට පැමිණවූ එම සිසුවාගේ 40 හැවිරිදි පන්ති භාර ගුරුතුමිය රුපියල් 30,000 ක ශරීර ඇප මත
අත්අඩංගුවෙන්

මුදාහරීමට මීගමුව වැඩ බලන මහෙස්‌ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා (10 දා) නියෝග කළේය.
ඇප නියම වූ සැකකාර ගුරුවරිය වූයේ එස්‌. දිස්‌නා (40) නමැත්තියකි.
 නඩුව කැඳවූ අවස්‌ථාවේ අනාවරණය වූ කරණු අනුව විදුහලේදී පහර කෑමට ලක්‌වූ බව කියන සිසුවා පසුව නිවසට ගොස්‌ මේ පිළිබඳව තම දෙමාපියන්ට පැමිණිලි කර ඇත. පසුව දෙමාපියන් තම දරුවා වෛද්‍යවරයකු වෙත යොමු කළ අවස්‌ථාවේ සිසුවාගේ පපු ප්‍රදේශයට එල්ල වූ පහර වලින් සිසුවාගේ පපු ප්‍රදේශය තැලී ඉදිමී ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව එම පහර දීම පිළිබඳව දෙමාපියන් ජාඇල පොලිසියට පැමිණිලි කර ඇත.

 ජාඇල පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂක රංජිත් ප්‍රේමසිරි මහතා පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් නීතිඥ මහින්ද සුගතදාස සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහත්වරුන් පෙනී සිටියහ. වැඩිදුර විභාගය කල් තැබිණි.


 -විමල් කීර්ති-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment