නිදහසේ ජීවත් වෙන්න නම් එල්ටීටීය යළිත් ඕනෑ  – විජයකලා

Untitled-1

උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති රාජ්‍ය උත්සවයකදී ප්‍රකාශ කළාය. ‘‘උතුරේ කාන්තාවන් බරපතල වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. මෑතක යාපනයේ සය හැවිරිදි පාසල් දැරියක ඝාතනය කළා. එල්.ටී.ටී.ඊ සංවිධානය සක්‍රීයව සිටීයා නම් මේ වගේ ඉරණම් අත්වෙන්නට කිසිදු ඉඩක් නැහැ. ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් තමන්ගේ පක්ෂය වර්ධනය කිරීමේ උත්සහායේ පමණක් නිරත වෙලා ඉන්නවා. උතුරේ ජීවත් වන මිනිස්සු වෙනුවෙන් කිසිදු විසඳුමක් සොයන්න ඔහු උත්සහා කරන්නෙ නැහැ. ජනාධිපතිවරයාත් දෙමළ ජනතාව බේරාගන්න අපොහොසත් වෙලා තියෙනවා. යාපනය ඇතුළු උතුරු පළාත තුළ සිදුවන මෙවන්  සිදුවීම් දිහා බලන කොට  2009 මැයි මස 18 වනදාට පෙර දෙමළ ජනතාව ජීවත් වූ ආකාරය ගැන ආඩම්බර වෙනවා.මේ තත්වය නිසා කොටි සංවිධානය නැවතත් බිහිකළ යුතුයි. එය අපගේ මූලික  අරමුණක්. අප ජීවතුන් අතර සිටීමට නම් අපට මහ මග නිදහසේ ඇවිදීමට නම් අපගේ දරුවන් පාසල් වෙත ගොස් නැවත නිවසට පැමිණිය යුතු විමට නම් උතුරු නැගෙනහිර පළාත්වල කොටි සංවිධානය හිස එසවිය යුතුයි‘‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment