සංගාගේ දේශපාලන ගමනට රාජිතගේ උපරිම සහය..



හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන්නේ නම් හැකි උපරිම සහයෝගය ඒ මහතා වෙත ලබාදෙන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (25 දා) පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

සංගක්කාර මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ ඉදිරිපත් වන්නේදැයි එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අතර, ඊට පිළිතුරු දෙමින් සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ එක්සත් ජාතික පෙරමුණ කතාකර නොමැති බවත්, එහෙත් එක්සත් ජාතික පක්ෂය කතා කළාද යන්න පිළිබඳ තමන් නොදන්නා බවත්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment