'කවුරු ජනාධිපති වුණත් ආණ්ඩුව කරන්නේ මමයි' - බැසිල්



රතුපස්වල සිදුවීමේදී පාසල් ළමුන්  පවා හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ මියගිය බවත්, පුද්ගලයන් 21 දෙනෙකුගේ කකුල් කඩාදමා ඇති බවත්  දකුණේ සිවිල් වැසියන්ගේ කකුල් කඩන යුද හමුදාව උතුරේදී යුද්ධය කළේද මේ අයුරින්මදැයි තමන්ට සිතුනු බව බැසිල් රාජපක්ෂ පවසා ඇත.

ඒ   'අද' පුවත්පතකට සාකච්ඡාවක් ලබාදෙමින් ය.

රාජපක්ෂ පාලන සමයේදී විවිධ අඩුපාඩු සිදු වූ බවත් ඉදිරියේදීද එම අඩුපාඩු පොදුජන පෙරමුණට අවාසි සහගත ලෙස බලපෑ හැකි බවද එහිදී  බැසිල් රාජපක්ෂ පවසා ඇත.

"ඉස්කෝලෙ ළමයිනෙ මිය ගියේ, අපේ ශාඛා සමිතිවල සාමාජිකයින්ගෙ කකුල් 21 වෙඩි වැදිලා කැඩිල තිබුණ​. එතකොට මට උනත් හිතෙනවා මුන් උතුරෙ ගිහින් කොහොම මරන්න ඇතිද කියලා. ඒක මහ අමානුශික දෙයක්." බැසිල් රාජපක්ෂ මහතා සඳහන්රකර තිබිණ.තුපස්වල උද්ඝෝෂණය පාලනය කිරීමට සහ ඔවුන්ට වෙඩි තැබීමට අණ දුන්නේ කවුරුන්ද යන්න අදටත් ගැටලුවක් බවත්, සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් තමන් රතුපස්වල ගමට ගොස් සමාව ගත් බවත් ඔහු සඳහන් කර තිබේ.

''කවුරු ජනාධිපති වුනත් ආණ්ඩුව කරන්නේ මම''

නිවැරදි වියයුතු තැන් තිබියදී ඒවා නිවැරදි නොකර අපි දිනනවා යැයි ගොන්කමට කියමින් ගොස් අවසානයේ පරාජය අත්පත් කර ගැනීමට සිදුවිය හැකි බව ද බැසිල් රාජපක්ෂ මහතා අදාල සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ වගකීම ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට බවත් කවරෙක් ජනාධිපති වුවද ආණ්ඩුව කරන්නේ තමන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සුළු ජාතීන් අතර ඇති විරෝධය සමනය කර නොගෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත නොහැකි බව ද ඔහු අවධාරණය කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment