ඩ්‍රීම්රෝන් සිය මෙහෙයුම් සිංගප්පූරුව දක්වා ව්‍යාප්ත කරයි.



වසර 1998 සිට අපනයන මෙහෙයුම් සිදුකරමින් සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවන්‍ය නිෂ්පාදනය වන ඩ්‍රීම්රෝන් රටවල් ගණනාවක සිය නිෂ්පාදන අලෙවියේ සාර්ථකත්වය ලබා ඇත්තේ එය ජාත්‍යන්තර මට්ටමේ පවතින බැවිනි.  සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන ජපාන සමාගමක් සමග අත්වැල් බැඳ ගනිමින් ඩ්‍රීම්රෝන් සිය අලෙවි ජාලය සිංගප්පූරුව දක්වා ව්‍යාප්ත කරන මෙහෙයුම ඉදිරියේදී සිදු කිරිමට නියමිතය. 

රූපලාවන්‍ය අලෙවිය ඉතා තරගකාරී මට්ට්මක පවතින සිංගප්පූරුවේ ඉල්ලුමට සරිලන පරිදි හැඩගැසීමට ඩ්‍රීම්රෝන් සමත්වනු ඇතැයි ඩ්‍රීම්රෝන් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ප්‍රියංක පෙරේරා මහතා පැහැදිලි කළේය. 

එමෙන්ම තම නිෂ්පාදන පෙළ සිංගප්පූරුවේ රූපලාවන්‍ය වෙළෙඳපොළට  සරිලන අන්දමෙන් සැපැයිය හැකිබවට විශ්වාසය පළ කළේය. මීට අමතරව සිංගප්පුරුවේ වෙළෙඳපොළටම සරිලන ආකාරයේ  නිෂ්පාදන පෙළක් නිෂ්පාදනය කිරිමට ද සැලසුම් කර තිබේ.  මීට අමතරව සිංගප්පූරුව පදනම් කරගත් සමාගම් වෙනුවෙන් OEM නිෂ්පාදනයට ගිවිසුම් අත්සන් කළ බව ද සභාපතිවරයා සඳහන් කළේය.

සිංගප්පූරුවේ වෙළෙඳපොල දක්වා ව්‍යාප්ත කෙරෙන නවතම මෙහෙයුම තුළින් එහි වර්ධනයට අමතරව ජාත්‍යන්තර මටට්මේ සාර්ථකත්වයක් ලබාගැනිම ඩ්‍රීම්රෝන් බලාපොරොත්තුවයි.

ඩ්‍රීම්රෝන් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ප්‍රියංක පෙරේරා මහතා සහ ඩ්‍රීම්රෝන් සිංගප්පුරු පුද්ගලික සමාගමේ මසාටෝ ටජිකා මහතා අතර මේ ගිවිසුම්  හුවමාරු කරගැනීම සිදුකෙරිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment