දෙහිවල මහල් ගොඩනැඟිල්ලකින් වැටී බාසුන්නැහේලා දෙදෙනෙක්‌ මරුට


දෙහිවල එස්‌ ද එස්‌ ජයසිංහ ක්‍රීඩාංගණය අසල ඉදිකරමින් පවතින මහල් දහහතරකින් සමන්විත ගොඩනැඟිල්ලක පලංචියක්‌ කඩා වැටීමෙන් එහි සේවයේ නිරතව සිටි පෙදරේරුවන් දෙදෙනකු මරුමුවට පත්ව ඇතැයි දෙහිවල පොලිසිය පවසයි.

29 වැනිදා සිදුවී

ඇති මෙම සිද්ධියේදී මියගොස්‌ ඇත්තේ බදුල්ල පදිංචිව සිටි ඩී. එම්. දසනායක සහ බිබිල පදිංචිව සිටි අසේල කුමාර යන දෙදෙනාය.

එම ගොඩනැගිල්ලේ 13 වැනි මහලේ පලංචියක හිඳ කපරාරු කරමින් සිටියදී හදිසියේ පලංචිය කඩා වැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි දෙදෙනා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ සිටි බව පොලිසිය පවසයි.

දෙහිවල පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රදීප් ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක රුවන් ප්‍රභාත් ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

මියගිය පෙදරේරුවන් දෙදෙනාගේ මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් පවත්වන ලදී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඥනතිස්‌ස ජයවර්ධන සහ එස්‌. පී. ආරියරත්න - රත්මලාන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment