බසයේදී තරුණියගේ ඇඟ අතගා පනින්න යද්දී ඇද වැටී රෝහලේ


ලංගම බස් රථයක ගමන් ගත් තරුණියකගේ සිරුර ස්පර්ශ කර ධාවනය වෙමින් තිබූ එම බස් රථයෙන් බිමට පැන පලා යාමට උත්සාහ කළ පුද්ගලයකු බසයෙන් ඇදවැටී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්
කර ඇති බව

කොල්ලුපිටිය පොලිසිය කියයි.
සිරුර ස්පර්ශ කළ අවස්ථාවේ තරුණිය කෑගැසීම නිසා බියට පත්වූ පුද්ගලයා බස් රථයේ පිටුපස දොරෙන් බිමට පනිද්දි ඇද වැටී ඇති බව කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
පිටකොටුවේ සිට මතුගම බලා ඉකුත් 2 වැනිදා දහවල් ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් තරුණියක ළග වාඩි වී සිටි පුද්ගලයකු ඇගේ සිරුර ස්පර්ශ කළ අවස්ථාවේදී තරුණිය කෑගසා ඇති අතර එයින් බියට පත්වූ එම පුද්ගලයා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් බිමට පනිද්දී ඇද වැටී ඇත. ඒ අවස්ථාවේ බස් රථයේ සිටි. මගීන් ඔහු අල්ලා පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් පැමිණි සැකකරු අත්අඩංගුවට ගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල්ගත කර ඇත. මෙම බස් රථයේ සිටි මහින් තමා අල්ලාගෙන පහර දෙනු ඇතැයි බියෙන් මෙසේ බස් රථයෙන් පැන්න බව සැකකරු පොලිසියට පවසා ඇත. මෙසේ තුවාල ලබා ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ 37 වැනි වියේ පසුවන දෙදරු පියෙකි. ලිංගික අපයෝජන චෝදනාව යටත්තේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment