ගෘහ සේවිකාවන්ට නිළ ඇඳුමක් ලබාදුන් කතාව බොරුවක්

ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයන් සඳහා නිල ඇඳුමක් හඳුන්වා දී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

 විදේශ රැකියා නියෝජීත ආයතන විසින් බඳවාගැනීම් කරනු ලබන ශ්‍රමිකයන් සඳහාද ඒ ආකාරයේ නිල ඇඳුමක් හඳුන්වාදීමට නියෝග ලබා දී නොමැති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ දිනවල
සමාජ ජාල තුළ සැරිසරන

කාන්තාවන් පිරිසක් නිල ඇඳුමකින් සැරසී රැකියා සදහා පිටත්ව යන බවට  වන වාර්තා සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහෙත්වරුන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙන බව නිවේදනයක් මගින් ඔවුන් දන්වා සිටියි.

කාර්යාංශය ලබාදන පුහුණු පාඨමාලාවලදී විදේශ රැකියා සඳහා පිටත් වන විට රටේ හා තමාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ඇඳුමකින් පිටත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම පමණක් සිදුකරනු ලබන බවද එම නිවේදනය මගින් සදහන් කර සිටියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment