දේශපාලනයට එන නොඑන බව ගැන සංගක්කාරගෙන් කිසිදු ප්‍රකාශයක් නෑ


මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරෙන සුවිශේෂ ආරංචියක් වන්නේ හිටපු ක්‍රිකට් නායක සංගක්කාර දේශපාලනයට පැමිණෙන්නට සූදානම් බවත් අනාගත ජනපති අපේක්ෂකයෙකු ලෙස ඔහුට ජයග්‍රහණයට
ඉඩක් පවතිනු ඇතිය යන්නත්ය.

පසුගියදා පකිස්තානයේ අගමැති ධූරය සඳහා එරට හිටපු ක්‍රිකට් නායකයෙකුවූ ඉම්රාන් කාන් තේරී පත්වීම සමග මෙම උනන්දුදායක පුවත පවැඩිපුර පැතිරිණි.
කෙසේ වෙතත් මෙම ආරංචි සියල්ල පැතිරෙද්දී සංගක්කාර ඒ කිසිවක් නෑසූ කන්ව සිටින අතර ඔහුගේ නිල ට්විටර් පිටුව හෝ වෙනත් කිසිදු මාධ්‍යයකින් ඔහු එයට ප්‍රතිචාර දක්වා නැත.
මින් ඉහත අවස්ථා කිහිපයකදීම දේශපාලනයට පැමිණිම මෙන්ම දේශපාලනය හා ගෑවුණ තානාපතිධූර පවා සංගක්කාර ප්‍රතික්ෂේප කර තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment