විජයකලා-විග්නේෂ්වරන්ගෙන් අලුත් පක්ෂයක්?



සිය ඇමැති තනතුරින් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා සැරසෙන බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නව පක්ෂය පිහිටුවීම ගැන ඇය මේ වනවිටත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සමඟ රහසිගත සාකච්ඡා ගණනාවක්ම පවත්වා ඇතැයි කියැවේ. මහඇමැති විග්නේෂ්වරන්ට අමතරව දෙමළ ජාතික පෙරමුණ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, හිටපු මන්ත්‍රීන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එම්.කේ. සිවාජිලිංගම් ආදීන්ගේ සහයද විජයකලාගේ පක්ෂයට ලබා ගැනීමට සැරසෙන බව දැනගන්නට ඇත.

ඊට පෙර ඇය ලන්ඩනයට ගොස් යුරෝපා දෙමළඩයස් පෝරා සමාජිකයන් හමුවෙයි. ඒ සමඟ ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දකුණේ දේශපාලන පක්ෂ විසින් දක්වන ලද දැඩි ප්‍රතිචාරය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමටද විජයකලා අපේක්ෂා කරන බව වාර්තා වෙයි.

[දේශය]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment