දේව රූපයයි-ඊළාම් සිතියමයි පෙරහරේ එකට අරන් ගිහින්

යාපනය මානිප්පායි ආනෙයිකොට්ටෙයි
ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක

පැවැති වාර්ෂික උත්සවයකදී පුද්ගලයකු විසින් කොටි ඊළාම් සිතියම බවට සැක කෙරෙන පෝස්ටරයක් රැගෙන පෙරහරක ගමන් කොට ඇති බවට මාණිප්පායි පොලිසියට තොරතුරු ලැබීමත් සමඟ පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

ආනෙයිකොට්ටෙයි පත්තිනි අම්මාන් කෝල්විල් 29 වැනිදා සවස පැවැති වාර්ෂික කුම්බාභිෂේක උත්සවයේ පැවැති දේව මෙහෙයකදී දේව ප්‍රතිමාව රැගෙන වීදි සංචාරය කරන අතරතුරදී පුද්ගලයකු විසින් එල්.ටී.ටී.ඊ. ඊළාම් සිතියම පිටුපසට සිටින ආකාරයටත් දේවරූපය ඉදිරිසට සිටින ආකාරයක් දැක්වෙන පෝස්ටරයක් රැගෙන ගොස් ඇති බවට වාර්තතා වෙයි.  මේ අනුව අදාළ සිතියම සහිත පෝස්ටරය රැගෙන ගිය  පුද්ගලයා සොයා මාණිප්පායි පොලිසිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment