සිපෙට්කෝ ඉන්ධන මිල මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට - මින් පසු දෙමසකට වරක් මිල වෙනස්


පසුගියදා වැඩිකරන්න ගොසින් අඩු කර අර්බුදයක් ඇති වූ ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව අද (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින්, ඩීසල් ලීටරයක් රුපියල් 09කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල්
10කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
නව මිල ගණන් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155කට, ඩීසල් ලීටරයක්

රුපියල් 118කට සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129කට අලෙවි කිරීමට නියමිතය.
මෙම මිල වැඩි කිරීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන පිරවුම්හල්වල සමාන මිලකට ඉන්ධන අලෙවි කරනු ඇත.
මින් පෙර අවස්ථාවේ ජනපති නවතා දැමුවද කරුණු පැහැදිලි කරගැනීමෙන් පසු මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් මිල සූත්‍රය සඳහා ජනපති  අනුමැතිය හිමි විය.
හඳුන්වා දී ඇති මිල සුත්‍රයට අනුව මාස දෙකෙන් දෙකට ලෝක වෙළෙඳපොළේ මිලට අනුව ඉන්ධන මිල සංශෝධනය සිදුවනු ඇති අතර එය අඩුවීමක් හෝ වැඩිවීමක් වනු ඇත.
අදින් පසු ඊළඟ වෙනස්කම ලබන සැප්තැම්බර් මාසයේ සිදුවනු ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment