මත් කුඩු ජාවාරමුන් මරන්න මෛත්‍රීගේ අනුමැතිය‍


මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට
අද (10) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය

හිමිවූ බව වාර්තාවේ.
දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සදහා මෙම තීරණය ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ ඇත.ලංකාවේ අවසන් වරට පුද්ගලයෙක් එල්ලා මරා ඇත්තේ 1976 ජුලි 23 වැනිදාය.
එතැන් පටන් අද වනතෙක් වසර 42ක පමණ කාලයක් එල්ලුම් ගහ ක්‍රියාත්මක වී නැත.
නව නීතිය ත්‍රියාත්මක කිරීමට දැනට බන්ධනාගාර ගතව සිටින මරණ දඩුවමට නියමවූ මත්ද්‍රව්‍ය ජාවාරම් සිරකරුවන්ගේ ලැයිස්තුවක් ජනපතිවරයා කැඳවා ඇතැයිද වාර්තා විය.
පසුගිය කාලයෙ දිවයිනේ සිදුවූ නොනවතින පාතාල අපරාධ රැසක මහමොළකරුවන් වූයේද සිරගතව සිට සහචරයින් මෙහෙයවන මේ අය බවද පොලිසිය පෙන්වා දී තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment