2020 ජනාධිපතිවරණය ගැන සංගා හෙළි කරයි.



තමා කිසි දිනෙක දේශපාලනයට නොපැමිණෙන බවත් ඒ පිළිබඳව කිසිම කැමැත්තක් නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතා පවසයි.

ඊයේ (12) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පැතිරුණු කට කතා අසා තමාගේ අවධානය යොමු වූ බවද තමා ඉදිරිපත් වන බව අසා විවිධ පුද්ගලයින් තමන්ගේ මතයන් ඉදිරිපත් කළ බවත් ඒ මතයන් සියල්ලට තමා ගරු කරන බවද හෙතෙම පෙන්වා දෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුව සිය පළමු අවධානය තමන් වෙනුවෙන් වසර ගණනාවක් කැප කළ පවුල වෙනුවෙන් පූර්ණ වශයෙන් යොදවා ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

නමුත් තමාට දේශපාලනයට පැමිණීම පිළිබඳ බලාපොරොත්තුවක් කිසිම දිනෙක නොතිබූ බවත් තමන්ට කිසිම ආකාරයක දේශපාලන උනන්දුවක් නොමැති බවත් දේශපාලනය හා ජනතා සේවය ඉතාමත් වගකීමෙන් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ජනතා නියෝජිතයන්ට තමා ගරු කරන බවත් තමාට දේශපාලන බලාපොරොත්තු නොමැති බවද ඔහු ප්‍රකාශ කරයි.

දේශපාලනයට හොඳම සහ ගැලපෙනම පුද්ගලයින් තෝරා ගැනීම දුරදිග බලා සිදුකළ යුතු කටයුත්තක් බවත් ධනාත්මක සමාජ සහ ආර්ථික වෙනසක් එක රැයකින් සිදු නොවන බවද ඔහු ප්‍රකාශ කරයි.

ඉදිරියට පරිත්‍යාගශීලීන් සමඟ එකතු වී සමාජ සේවා කටයුතු ඉදිරියට ගෙනයාම තම බලාපොරොත්තුව බවත් දේශපාලඥයන්ගේ යහපත් වැඩ සඳහා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment