ජොනී UNP එකත් එක්ක ඩීල් - ඒකාබද්දෙන් චෝදනා



ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයත් සමඟ රහස් ගණුදෙනුවක් පවත්වා ගෙන යන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග විසින් එය තහවුරු කර සිටින අතර සිය දේශපාලන කණ්ඩායම ගනු ලබන තීන්දු තීරණ පැය කිහිපයක් තුළ එක්සත් ජාතික පක්ෂයට දැනගන්නට ලැබෙන බව සඳහන්.

අගමැතිවරයා සමීපව ඇසුරු කරන ඉදිරිපෙළ ඇමතිවරයෙකු සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය ඩීල් එක පවත්වාගන යන බවයි වාර්තා වී තිබෙන්නේ. සමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී එම ප්‍රබල ඇමතිවරයා හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුණ ගැසෙන බව අනාවරණ වී තිබේ.

තවදුරටත් ඒකාබද්ධය සමඟ සිටීමෙන් පලක් නොවන බවත් අවස්ථාව පැමිණි විගස තමන්ව යළි එක්සත් ජාතික පක්ෂයට එක්කරගන්නා ලෙසත් එකී ප්‍රබල ඇමතිවරයා සමඟ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා ඇත.

සැබෑ තත්ත්වය මෙසේ වුවද තමන් පිළිබඳ සැකයක් මහින්ද රාජපක්ෂ මහතාට නොදැනෙන්නට කටයුතු කිරීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හැම විටම උත්සහ කළ නමුදු නාමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම ජොන්ස්ටන්ගේ කෙරුවාව දන්නා බවද දැන් ඒකාබද්ධය දන්නා දෙයක් බවට පත්ව තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ සෑම දේශපාලන වේදිකාවකම පාහේ UNP ඩීල් ගැන චෝදනා නැගෙන්නේ සිය මන්ත්‍රීවරයාගේම කෙරුවාව නිසා බවයි ඔවුන්ගේම අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේවෙතත් ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාටද ටොකු ඇනීමට නියමිතව ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment