නයිල් ගඟේ බෝට්ටුවක් ගිලී දරුවන් 22ක් මරුට


උතුරු දිග සුඩානයේ නයිල් ගඟ හරහා ගමන් කළ බෝට්ටුවක් ගිලී යෑමෙන් ප්‍රාථමික පාසලක දරුවන් 22දෙනකු පමණ මියගොස්  තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.




ආරක්ෂක අංශ අතුරුදන්ව ඇති දරුවන් සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර රෝහල් සේවිකාවක ද ගංගාවේ ගිලී මියගොස් ඇතැයි පැවසේ.

ගඟ අසල පිහිටි කබ්නා නම් කුඩා ගම්මානයේ පාසල වෙත ගමන් කිරීම සඳහා ගංගාව තරණය කළ දරුවන් පිරිසක් මෙලෙස මියගොස් ඇති බව බලධාරීහු පවසති.

ගඟේ සැඩපහර හේතුවෙන් එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති අතර එම අවස්ථාවේ 40ක පමණ පිරිසක් බෝට්ටුවේ ගමන් කරමින් සිට ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment