ගැටලුවලට විසඳුම් නෑ කියා 30 සිට නැවත දුම්රිය වර්ජන

දුම්රිය ශ්‍රේණි පිළිබඳ ගැටලුවට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන්
ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට

දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට දුම්රිය රියඳුරු, නියාමක, පාලක, ස්ථානාධිපති හා කළමනාකරු යන ශ්‍රේණිවලට අයත් වෘත්තීය සමිති නියෝජිතයෝ ඊයේ (23) පස්වරුවේ තීරණය කළ බව වෘත්තීය සමිති නියෝජිතයෙක් පැවැසීය.

මෙම වර්ජනය ඊයේ සිට ක්‍රියාත්මක කිරීමට කලින් සැලසුම් කළද උසස් පෙළ හා ඇසළ පෙරහැර නිසා දින වෙනසක් සිදු කළ බවද දන්වා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවේ දී ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා මාස දෙකක කාලයක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීමෙන් පසු වෘත්තීය සමිති නියෝජිතයන් මෙම තීරණය ගත් බව ද හෙතෙම කීය. කෙසේ වෙතත් තම ගැටලුවට විසඳුම් ලබාගැනීම සඳහා ජාතික වැටුප් කොමිසම සමග අද (24) පෙරවරුවේදී සාකච්ඡාවක් පැවැත්වෙන බව ද එම නියෝජිතයා කීවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment