මිනීමැරුමකට සැක කාන්තාවකට පහරදෙමින් නිරුවතින් පාර දිගේ රැගෙන ගිය හැටි

තරුණයෙකු මරා දැමූ බවට චෝදනා ලද කාන්තාවකගේ ඇඳුම් ඉරා දමා නිරුවතින් ඇය වීදි දිගේ රැගෙන ගොස් හිංසා කර ඇගේ නිවසටද ගිනිතැබූ පුද්ගලයන් පිරිසක්‌ පිළිබඳ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා විය.සඳුදා ඉන්දියාවේ බිහාර්හි බොඡ්පූර් දිස්‌ත්‍රික්‌කයේ දුම්රිය මාර්ගයක තිබී 19 හැවිරිදි විම්ලේෂ් ෂාහ් ගේ සිරුර හමුවීමෙන් පසු
එම මරණයට වගකිව යුතු යැයි

පවසමින් මෙම කාන්තාවට මෙලෙස කාන්තාවට වධ හිංසා පමුණුවා තිබේ.

එම  පිරිස මියගිය තරුණයාගේ මිතුරන් වූ අතර කාන්තාව ගැන ඇතිවූ සැකයට නීතිය අතට ගෙන ඇයව  නිවසින් පිටතට රැගෙන පහරදී පාර දිගේ නිරුවතින් රැගෙන ගොස් බිමදමාගෙන පහරදෙන දර්ශන රූපවාහිනියෙන්ද විකාශය වූ අතර එය ඉතා අමානුෂික බවට විශාල කතාබහක් ඇතිව තිබුණි.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 15 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබිණි. කාන්තාව මේ වන විට ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබන්නීය.
 විම්ලේෂ් ෂාහ් ගේ මරණය සිදුවූයේ කෙසේ දැයි තවමත් හෙළි වී නොමැති අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බව පොලිසිය පවසා ඇත.

මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන කීපයක්‌ වට්‌ස්‌ ඇප් ඔස්‌සේ දැකීමෙන් අනතුරුව මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මකවී ඇත.
කාන්තාවගේ නිවස අසල පිහිටි කඩ සාප්පු සහ නිවාස කීපයකට ද මෙම පිරිස ගිනි තබා ඇත.
සිද්ධියට අදාළ දර්ශන පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment