ත්‍රීවීල් 35ට අඩු මල්ලිලාට තහනම් කරන්න යන නීති වෙනස්වන ලකුණු


ත්‍රිරෝද රථ නියාමනය කිරීම සඳහා 'ත්‍රිරෝද රථ නියාමන කොමිසමක්' ස්ථාපිත කිරීමට
රජය තීරණය කොට තිබේ.

ඊට අදාළ පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇති බවත්, නීතිපති නිර්දේශ ලැබුණු පසු එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.


වයස අවුරුදු 35ට අඩු ත්‍රිරෝද රථ රියැදුරන්ට මගීන් ප්‍රවාහනයට අවසර නොදීමේ නීතිය සම්පූර්ණයෙන්ම වැරැදි බවද හෙතෙම කීවේය.

කෙසේ වෙතත් එය යෝජනා මට්ටමේ පවතින බව සිහිපත් කළ මංගල සමරවීර මහතා අවුරුදු 35ට අඩු ත්‍රිරෝද රථ රියැදුරන්ට මගී ප්‍රවාහනය පිළිබඳව ඉදිරිපත් වී ඇති අදහස් පිළිබඳව අද (21දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරන බවද කීවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment