ධනංජයගෙන් විකට් 6 ක් ශ්‍රී ලංකාවට ලකුණු 178 ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 12 වැනිදා පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 178 ක දැවැන්ත ජයක් අත්කර ගත්තේය. මෙය ශ්‍රී
ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකානු පිල හමුවේ පැවැති එක්දින තරගයකදී ලබාගත් දෙවැනි විශාලතම ජයග්‍රහණයයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 299 ක් ලබාගත්තේය. ලකුණු 300 ක ඉලක්කයක් කරා ගිය දකුණු

අප්‍රිකානු කණ්ඩායම ඕවර 24.4 කදී ලකුණු 121 කට දැවී ගියේය.

එහිදි කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අකිල ධනංජය ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6කි.

ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 19 කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 43 කට දැවී ගියහ.

එක්දින දිවියේ 37 වන අර්ධ ශතකය වාර්තා කළ නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 97ක් රැස් කළේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 300 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 85 කදී බිඳ වැටිණ.
නායක ක්වයින්ටන් ඩී කොක් ලකුණු 54 ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් 7 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වු දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පන්දුවාර 9 කදී ලකුණු 29 කට කඩුලු 6 ක් දවා ගත්තේ ය.
දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට පන්දුවාර 24 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 121 ක් පමණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment