දහතුන් හැවිරිදි දැරියක රවටාගෙන නුගේගොඩින් හලාවතට අරන් ගිහින්

නුගේගොඩ ප්‍රදේශයේ දහතුන් හැවිරිදි දැරියක රවටාගෙන හලාවතට රැගෙන ගොස් දූෂණය කළ බව කියන තිස් හත් හැවිරිදි විවාහකයකු ඊයේ (12දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ  අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. දැරිය රෝහල්ගත කර ඇත. තම දියණිය පෙර දින රාත්‍රියේ නිවෙසින් අතුරුදන්ව විවාහකයකු සමඟ
පලාගොස් ඇති බවට ඉකුත් ජුනි 16 වැනිදා දැරියගේ මව මිරිහාන පොලිසියට කළ පැමිණිල්ල පිළිබඳ කඩිනමින් විභාග නොකළයි එම දැරියගේ පියා බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙත යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කෙරිණි.


විමර්ශන ඒකකයේ සැන් ප්‍රශ්න (56958) මහතාට ලද තොරතුරක් අනුව දැරිය රැගෙන ගිය පුද්ගලයා දැරිය පදිංචි නුගේගොඩ ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතුවල නිරත වූ ස්කැවේටර් යන්ත්‍රයක ක්‍රියාකරුවකු බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.  ඒ අනුව කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු හා දැරිය හලාවත - ඉලුප්පඩිය ප්‍රදේශයේ සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදන කරන ස්ථානයක නවාතැන් ගෙන සිටින බවට හෙළිවීමෙන් අනතුරුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී ඊට මඳක් ඈතින් වූ කුඩා නිවෙසක සිටි දැරිය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

බිලොක් ගල් ආයතනයේ හිමිකරු හමුවී තම බිරිය යැයි ඇය පෙන්වා ඇති සැකකරු එහි නවාතැන්
ගෙන රැකියාව කිරීමට අවස්ථාව දෙන ලෙස අවසර ඉල්ලා තිබූ බව කරන ලද පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් විවාහක පුද්ගලයාට දස හැවිරිදි දරුවකු සිටින අතර බිරියගෙන් ඈත්ව සිටින්නකු බවද පොලිසිය කියයි.


-එම්.සී. පෙරේරා-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment