ස්ථිරයි පැහැදිලියි මං කිසිසේත් දේශපාලනයට එන් නෑ- කුමාර සංගක්කාර නිල වශයෙන් දන්වයි

සුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කථාබහට ලක්වූ මාතෘකාවක් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අග්‍රගණ්‍ය ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය කීර්ති නාමය දේශපාලන ආගමනයක් සඳහා භාවිත කරන්නට ඇති
සූදානම පිළිබඳවයි. මෑත කාලිනව පාකිස්තානයේ ඉම්රාන් කාන් අගමැති ධූරයට පත්වීම සමග සංගක්කාර ගැන මෙම කතාව ප්‍රබලව මතුවූයේ තව ටික කලින් ලංකාවේද ජනපතිවරණයක් පවත්වන්නට නියමිත නිසාය.
කෙසේ වෙතත් මින් ඉහත ඒ ගැන කතාබහ ඇතිවූ සෑම අවස්තාවකම සංගක්කාර නිසි

පිළිතුරක් නොදුන් නමුත් මෙවර සිය නිල ෆේස්බුක් පිටුව හරහා දීර්ඝ සටහනක් තබමින් සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.
එහි සඳහන් වන අන්දමට තමා කිසිදු ආකාරයකින් දේශපාලනයට නොඑන බව සංගක්කාර අවධාරණය කර තිබේ.

2020 ජනාධිපතිවරණ අපේක්‍ෂත්වය සඳහා දේශපාලනයට පැමිණිම සම්බන්ධයෙන් පළ වී ඇති වාර්තා පිළිබඳව තමා දැනුවත් බව පවසා ඇති ඔහු කියා සිටින්නේ, දේශපාලනය හා ජනතා සේවය දැඩි වගකීම් සහගත වෘත්තීන් බවයි.
ඊට ගැලපෙන පරිණත අය දේශපාලනයේ යෙදිය යුතු බවත් ජනතාව එවැනි අය තෝරාගන්නට බුද්ධිමත් විය යුතු බවත් ඔහු පෙන්වාදෙයි.
තමාගේ ජීවිතය තුළ දේශපාලනික බලාපොරොත්තු කිසිවක් නැති බව ඔහු කියයි.
ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතයේ විශාල කොටසක් කැප කළ නිසා තමාට පවුල සමග ගතකරන්නට කාලය අඩුවූ බව පෙන්වාදෙන සංගක්කාර තමා පශ්චාත් ක්‍රිකට් සමය පවුල වෙනුවෙන් කැපකිරීමට තීරණය කර ඇති බව කියා සිටී. එසේම තමන්ට ඉඩ ලැබෙන පරිදි ප්‍රජාව වෙනුවෙන් යම් යම් සත්කාර වැඩ කරන්නටද පෙළැඹෙන බව කියා සිටින ඔහු ඒ කිසිවක් දේශපාලන ඉලක්කයකට යොමු නොවන බව පවසා සිටී.

නැවත නැවතත් තහවුරු කරමින් දේශපාලනයට පිවිසීමේ කිසිදු අභිලාෂයක් තමන්ට නොමැති බව සිය දීර්ඝ ලිපියෙන් හෙළි කර ඇති ඔහු ජනාධිපති ධූරයට වඩාත් සුදුසු පුද්ගලයා ශ්‍රී ලාංකිකයන් තෝරා පත්කර ගනු ඇති බවට විශ්වාස කරන බව ද පවසා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment