අවුරුදු තුනක් හිරේ සිට ඇවිත් සේවය කළ වැඩබිමෙනුත් භාණ්ඩ සොරා ගෙන

අත්බෝම්යක් ළඟ තබා ගැනීමේ වරදට වසර තුනක් බන්ධනාගාර ගතව සිට පැමිණ කිරුළපන බේස්ලයින් මාවතේ වැඩබිමක පෙදරේරුවකු ලෙස සේවය කරමින් සිටියදී, එහි තිබූ  කම්ප්‍රෙෂර් යන්ත්‍රයක්, ග්‍රයින්ඩර් දෙකක් සොරාගෙන පලාගොස් සිටි පුද්ගලයකු, සොරාගත් භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගත් බව කිරුළපන
පොලීසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම පදිංචි (32) පුද්ගලයකු බව පොලිසිය කියයි. සැකකරු ඇතුළු සේවකයන් රාත්‍රිය ගත කරන්නේද එම වැඩ බීමෙහිම වන අතර, දිනක් රාත්‍රි සියලු සේවකයන් නින්දට ගොස් සිටියදී, වැඩ බිමෙහි ගබඩාව කඩා, එහි තිබූ කම්ප්‍රෙෂර් යන්ත්‍රය,

ග්‍රයින්ඩර් දෙකක් සොරාගෙන ත්‍රිරෝද රථයක දමාගෙන පලාගොස් තිබේ.

මේ බව යාබදව සවිකර ඇති. සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව ඇතැයි පැවසේ.සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් ලැබීමෙන් පසුව පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කොට සැකකරු වැඩබීමෙහි සේවකයකු බවට හඳුනාගෙන ඇත. සිද්ධිය වන දිනය වන විට ඉකුත් මාසයේ වැටුප ලබාගෙන නොතිබූ නිසා එම වැටුප ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා වැඩ බීම භාරකරු හරහා සැකකරුට දන්වා ගෙන්වාගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පසුව රුපියල් 85,000ක් වටිනා කම්පප්‍රෙෂර් යන්ත්‍රය, වැල්ලවත්ත නිවැසියකුට රුපියල් 10,000කටද  ග්‍රයින්ඩර් දෙක බොරැල්ල වනාත පාරේ නිවැසියකුට රුපියල් 1200කටද අලෙවි කොට තිබීයදී
සොයාගෙන ඇත.

එම මුදලින් හෙරොයින් පානය කර ඇතැයිද පැවැසේ. සැකකරු මීට පෙර අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ වරදට වසර 3ක්ද, හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් වසර 2ක්ද, බන්ධනාගාර ගතව සිට නිදහසේ ආ පුද්ගලයකු බවද පොලීසිය පවසයි. සැකකරු අලුත්කඩේ අංක III අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-හෂාන් පුෂ්පිත-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment